ක්ෂණික ඇමතුම් : 0777 - 77-10-64

admin

අප ගැන

ආහාර සුරක්ෂිතතාව තුළින් සවිමත් හෙළ ජනසමාජයක් කරා එක්ව නැගී සිටිමු

රටකට ජාතික ආරක්ෂාව මෙන්ම රටේ ස්ථාවරත්වය ස`දහා ආහාර සුරක්ෂිතභාවය ද අත්‍යවශ්‍ය ය. විවිධ අවි-ආයුධවලින් සන්නද්ධ වූ ආක‍්‍රමණවලින් රටක් සහ ජාතියක් විනාශ කළ හැකිවා සේ ම ‘‘ආහාර’’ නම් ජීව අවිවලින් ද රටක් හා ජාතියක් විනාශ කළ හැකි ය. ජනතාව පරිභෝජනය කරන ආහාර ජාන විකෘති කර ඇත්නම්, වස-විස මුසුකර ඇත්නම්, පෝෂ්‍ය කොටස් ඉවත් කර ඇත්නම් සහ වෙනත් විවිධ ක‍්‍රම මගින් දූෂණය කර ඇත්නම් එම ආහාර පරිභෝජනයට ගන්නා පාරිභෝගිකයින්ට අත්වන්නේ ද අකල් මරණයන් පමණි.

වර්තමානයේ මෙරට මිලියන විසි දෙකක් පමණ වූ ජනගහනයෙන් සාතිශය බහුතරයක් පෙළෙන මාරාන්තික රෝග සමූහයකට ප‍්‍රමුඛත ම හේතුව ඉහත ආකාරයෙන් දූෂ්‍ය වූ ආහාර පරිභෝජනය කිරීමේ වැරැුදි රටාවකට ගොදුරුව සිටීමයි. රටකට එහි පුරවැසියන් සම්පතක් වීමට නම් ඔවුන් කායිකව මෙන්ම මානසිකව ද යහපත් නීරෝගීතාවකින් සිටිය යුතු ය. එසේ වූ විට අප ඔවුන් රටේ ‘මානව සම්පත’ ලෙස විග‍්‍රහ කරගන්නෙමු. එහෙත් රටක පුරවැසියන්ගෙන් බහුතරයක් රෝගීන් බවට පත්වී රටට බරක් වී ඇත්නම් එම පුරවැසියන් එම රටට මානව සම්පතක් නොව මානව විපතකි. ඛේදවාචකයකි. රට තුළ භෞතික සම්පත් කෙතරම් යහපත් වුවද පුරවැසි සමූහය සම්පතක් නොවන්නේ නම් එවැනි රටකට අනාගතයක් නැත. හෘදයාබාධ, දියවැඩියාව, වකුගඩු විනාශවීම ආදී බොහෝ බෝගවලට මූලික හේතුව දූෂ්‍ය වූ ආහාර පරිභෝජන රටාව නම් එය වෙනස් කළ යුතු ය. දූ  ෂ්‍ය නොවූ, සෞඛ්‍ය සම්පන්න

ආහාර පරිභෝජන සංස්කෘතියකට ජනතාව යොමුකිරීම අනිවාර්යයෙන් ම කළ යුතු ය. ඔබ අප ගෙවමින් සිටින මේ යුගයේ අප හමුවේ ඇති ප‍්‍රමුඛතම අභියෝගය නම් මෙම තත්ත්වයට සංවිධානාත්මකව මුහුණ දීමයි. ගුණාත්මකබවින් තොර වූ විදේශ පිටිවර්ගවලින් වෙළ`දසැල් සහ ආහාර ගබඩා පිරවූවද එය ජාතික ආහාර සුරක්ෂිතතාව නොවේ.
එමෙන්ම වර්තමානයේ මෙරට ක‍්‍රියාත්මක වන හාල් නිෂ්පාදන හා බෙදාහැරීමේ ක‍්‍රමවේදය ද අතිශයින් ම දූෂිත තත්ත්වයට පත්ව ඇත. ගොවියා ලවා සහල්, එළවළු, පළතුරු ආදියට වස-විස යොදා නිෂ්පාදනය කරවන අතර ම ධීවරයින් ලවා මත්ස්‍ය නිෂ්පාදනවලට ද වස-විස එකතු කරවනු ලබයි. එමෙන් ම ගොවියා සහ ධීවරයා නිෂ්පාදනය කරන මූලක ආහාර නිෂ්පාදන සියල්ල ම හුදු ලාභය ම අරමුණුකරගත් නරුම වෙළ`දපොළආර්ථික ක‍්‍රමයකට ගොදුරුව පත් වී ගොවියා සහ ධීවරයා දැඩි ලෙස සූරාකෑමට ලක්කර ඇති අතර ම එම ආහාර පරිභෝජනය කරන පාරිභෝගිකයා ද එවැනි ම මංකොල්ලකෑමකට ගොදුරු කර සිටී. මෙම දෙපාර්ශවය ම එවැනි තත්ත්වයකට පත්කර ඇත්තේ අතරමැදි කෑදර ධනවත් සුළුතර පිරිසක් විසිනි. මෙම පිරිසට බහුජාතික සමාගම් සේ ම සුපිරි වෙළ`දසැල් ජාවාරම්කාරයින් ද ඉහළින් ම සම්බන්ධ වී සිටිති.
තව ද අප රටේ සොබාදහම මුළුමනින් ම කෘෂි සහ ධීවර කර්මාන්තයට යෝග්‍ය වන ආකාරයට නිර්මාණය වී ඇතත් ඒ මත පදනම් වූ ස්වදේශික නිෂ්පාදන සහිත ජාතික ආර්ථිකයක් නිර්මාණය කිරීමට තවමත් අප අසමත්ව සිටිමු. අතීත හෙළයින් එම පදනම මත සැබෑ ලෙස ම කටයුතු කළ නිසා එදා අප රට පෙරදිග ස්වයංපෝෂිත සංවර්ධිත රාජ්‍යයක් බවට පත්විණ. එහෙත් අද අප රට මුළුමනින් ම පරපෝෂිත රාජ්‍යයක් බවට පත්ව පරිහාණිය කරා වේගයෙන් ගමන් කරමින් ඇත. මැදපෙරදිග වහල් සේවයට ගිය අපගේ ගෘහණියන් නොසිටියේ නම් රට මෙපමණ මට්ටමකින්වත් ඉතිරි නොවනු ඇත. දෙමුහුන් මනසක් ඇති පාලකයින් සහ නිලධාරීන් විසින් ජාතික ආර්ථිකය යනු කුමක්දැයි හ`දුනාගනු නොහැකිව වෙනත් පරිසර තත්ත්වයන් තුළ වෙනත් ආකෘතීන් මත සංවර්ධනය වූ රටවල ආකෘති කොපි කර මේ පොළොව මත පටවන්නට ගනු ලබන උත්සාහයක් විසින් ඇතිකරනු ලැබ ඇති ඛේදවාචකයන් අපි අත්වි`දිමින් සිටිමුු. එම තත්ත්වය වෙනස් වන බවක් ද නොපෙනේ.
ජාතියක් වශයෙන් අප මුහුණ දෙමින් සිටින තත්ත්වය මෙබ`දු නම් මෙම අවාසනාවන්ත ඉරණමෙන් හෙවත් නූතන ආහාර ත‍්‍රස්තවාදයෙන් නිදහස් වීම නොපමාව කළ යුත්තක් බවට පත්ව ඇත. මෙම මව් පොළොවේ සුජාතයින් වන අපි පළමුව කළ යුත්තේ අප කවුරුදැන්යි ගැඹරු ලෙස හ`දුනාගැනීම ය. එහිදී අපට අතීතයේ දී මෙම මවු පොළොව ස්වයංපෝෂිත කළ නිවහල් හෙළයා හමුවනු ඇත. ඔහු විසින් අත්පත්කොටගෙන සිටි ශක්තීන් කවරේදැයි හ`දුනාගත හැකි වනු ඇත. වත්මන් විකෘතියෙන් ඉවත්ව අතීත ප‍්‍රකෘතිය පැහැදිළිකර ගත හැකි වනු ඇත. ඒ අනුව ක‍්‍රියා කිරීම මගින් සැබෑ හෙළයෙකු අප තුළ ද නිර්මාණය කරගත හැකිවනු ඇත.

මේ තීරණාත්මක මොහොතේ මාතෘ භූමිය ඉල්ලා සිටින්නේ බෙලහීන හෙළයෙකු නොවේ. ශක්තිමත් හෙළයෙකි.

‘‘හෙළයා’’ සමාජ සංවර්ධන පදනම නිර්මාණය කරනු ලැබූයේ එමගින් ඔබ සමග ආර්ථික සහ සමාජ සංස්කෘතික ගනුදෙනුවකට අප එළඹෙන්නේත් ඉහත ගැටලූවට විස`දුම් ගෙන එනු ලබන්නේත් මව්බිමට සැබෑ හෙළයෙක් බිහිකිරීම උදෙසා ය.

 

භාණ්ඩ ඇණවුම් කිරීම

සුරක්ෂිත ආහාර ඔබේ නිවසට ම

සුරක්ෂිත ආහාර ඔබේ නිවසට ම ව්‍යාපෘතිය යටතේ ඔබේ නිවසට ම ඔබ ඇණවුම් කරන ආහාර නොමිළේ ගෙන්වා ගත හැකි ය.

ඇණවුම් කිරීම සඳහා ඔබේ පෞද්ගලික මාර්ගගත ගිණුම වෙත යාමට මෙතැන ක්ලික් කරන්න.

Log in MyAccount

ගිණුමක් සකසා නොමැති නම් සාමාජික අංකයක් ලබාගැනීමට සහ ලියාපදිංචි වීමට මෙතැනින් යන්න.

Create MyAccount

ආයුබෝවන්

හෙළයා සමාජ සංවර්ධන පදනම වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.

ආහාර සුරක්ෂිතතාවෙන් යුතු සවිමත් හෙළ ජනසමාජයක් කරා එක්ව නැගී සිටීමේ අරමුණින් යුතුව ස්ථාපිත හෙළයා සමාජ සංවර්ධන පදනමෙහි සාමාජිකත්වය ලබාගනිමින් මෙම මව් පොළොවෙහි සුජාතයන් ලෙස අපගේ නිවහල් අභීත හෙළයා සොයා යාමට හා එක්ව ආහාර ත්‍රස්තවාදයෙන් මිදීමට ඔබත් එක්වන්න.

සාමාජිකත්වය ලබාගැනීම සඳහා මෙතැනින් යන්න

සාමාජික අයදුම්පත්‍රය සහ මාර්ගගත ගිණුම සැකසීම

අප ගැන

ජාතික ආරක්ෂාව මෙන්ම රටේ ස්ථාවරත්වය සඳහා ආහාර සුරක්ෂිතභාවය ද අත්‍යවශ්‍ය ය. විවිධ අවි-ආයුධවලින් සන්නද්ධ වූ ආක‍්‍රමණවලින් රටක් සහ ජාතියක් විනාශ කළ හැකිවා සේ ම ‘‘ආහාර’’ නම් ජීව අවිවලින් ද රටක් හා ජාතියක් විනාශ කළ හැකි ය. ජනතාව පරිභෝජනය කරන ආහාර ජාන විකෘති කර ඇත්නම්, වස-විස මුසුකර ඇත්නම්, පෝෂ්‍ය කොටස් ඉවත් කර ඇත්නම් සහ වෙනත් විවිධ ක‍්‍රම මගින් දූෂණය කර ඇත්නම් එම ආහාර පරිභෝජනයට ගන්නා පාරිභෝගිකයින්ට අත්වන්නේ ද අකල් මරණයන් පමණි.

වර්තමානයේ මෙරට මිලියන විසි දෙකක් පමණ වූ ජනගහනයෙන් සාතිශය බහුතරයක් පෙළෙන මාරාන්තික රෝග සමූහයකට ප‍්‍රමුඛත ම හේතුව ඉහත ආකාරයෙන්ය දූෂ්‍ය වූ ආහාර පරිභෝජනය කිරීමේ වැරැදි රටාවකට ගොදුරුව සිටීමයි. රටකට එහි පුරවැසියන් සම්පතක් වීමට නම් ඔවුන් කායිකව මෙන්ම මානසිකව ද යහපත් නීරෝගීතාවකින් සිටිය යුතු ය. එසේ වූ විට අප ඔවුන් රටේ ‘මානව සම්පත’ ලෙස විග‍්‍රහ කරගන්නෙමු. එහෙත් රටක පුරවැසියන්ගෙන් බහුතරයක් රෝගීන් බවට පත්වී රටට බරක් වී ඇත්නම් එම පුරවැසියන් එම රටට මානව සම්පතක් නොව මානව විපතකි. ඛේදවාචකයකි. රට තුළ භෞතික සම්පත් කෙතරම් යහපත් වුවද පුරවැසි සමූහය සම්පතක් නොවන්නේ නම් එවැනි රටකට අනාගතයක් නැත. හෘදයාබාධ, දියවැඩියාව, වකුගඩු විනාශවීම ආදී බොහෝ බෝගවලට මූලික හේතුව දූෂ්‍ය වූ ආහාර පරිභෝජන රටාව නම් එය වෙනස් කළ යුතු ය. දූෂ්‍ය නොවූ, සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජන සංස්කෘතියකට ජනතාව යොමුකිරීම අනිවාර්යයෙන් ම කළ යුතු ය. ඔබ අප ගෙවමින් සිටින මේ යුගයේ අප හමුවේ ඇති ප‍්‍රමුඛතම අභියෝගය නම් මෙම තත්ත්වයට සංවිධානාත්මකව මුහුණ දීමයි. ගුණාත්මකබවින් තොර වූ විදේශ පිටිවර්ගවලින් වෙළඳසැල් සහ ආහාර ගබඩා පිරවූවද එය ජාතික ආහාර සුරක්ෂිතතාව නොවේ.

Continue reading